Pages

Thursday, November 27, 2014

පොහොට්ටුව

වෙනදා වගේම අදත් මම ආවේ ඔයාව බලලා යන්න. .  හැමදාම මට කරන්න පුළුවන් දේත් එක විතරයි. වෙනසක් නෑ අදත් ඔයා වෙනදා වගේමයි. මේ අදුර දිගේ වැටෙන පොද වැස්ස මට ගානක් නෑ මේ එන හුළගේ සිතලට ඔයා මගේ ලග හිටියනම් මට තුරුල් වේවි ඇත්තටම ඔයා මට තුරුල් වෙලාද මට එක දැනෙන්නේ නැද්ද.  ඔයා දන්නවද ඔයා දිහා බලන් ඉද්දි මගේ ඇස් දෙකට කදුළු එන්නේ ඉබේටම එත් ඇයි කියන්න මම දන්නේ නෑ. මගේ කදුළු ඔයාට පේනවා නේද. මම අද බය නැතුව අඩනවා මම  අඩනවා දකින්න ඕනේ ඔයා විතරයි. මගේ කදුළු වැහි බින්දු එක්ක පොලවට වැටිලයයි. එත්  ඒ හැම කදුලකම පිරිලා තියෙන්නේ ඔයාට තියෙන ආදරේ. ඒ ආදරෙත් කදුළු වගේ පොලවට වැටිලා නැති වෙලා යනවනම් කොච්චර හොදද. ඇත්තටම එහෙම වෙනවා මගේ ආදරේ කදුළු දිගේ ඇවිත් බිමට වැටිලා නැතිවෙලා යනවා. එත් මගේ ආදරේ ඉවර වෙන්නේ නෑ ඒ මම ඔයාට කෙළවරක් නැතිව ආදරේ කරපු නිසා. මම දන්නවා ඔයා දැනගෙන හිටියා ඔයාගේ සුදු අයියා ඔයාට මොන තරම් ආදරේද කියලා. එත් ඇයි  අපිට මෙහෙම උනේ සමහර විට ඔයාව මට අයිති නැතිව ඇති. තවත් මම මොනා කියන්නද ඔයාට කියන්න දේවල් ගොඩක් හිතේ පිරිලා තියෙනවා එත් මට ඒවා කියාගන්න බෑ. ඔයා මම කියන දේවල් අහගෙන නේද ඉන්නේ මම තාමත් ආසයි ඔයා මට ආදරෙයි කියනවා අහන්න ඔයා එක්ක රණ්ඩු වෙන්න ඔයාව හුරතල් කරන්න ඔයා ගේ  අහිංසක හිනාව දකින්න  ආයේ පාරක් ඔයා එක්ක ජිවිතේ බෙදාගන්න පුලුවන්නං මම  ඕන දෙයක් කැපකරන්න කැමති. එත් තව අවස්තාවක් නෑ. ආයේ මට ඔයාව දකින්නවත් ලැබෙන්නේ නෑ කියලා මම දන්නවා. මම දැන් ජිවත් වෙන්නේ හැගීම් දැනීම් නැති මිනිහෙක් විදියට ඒ අතින් බැලුවම අපි දෙන්නා අතර මහවෙනසක් නෑ නේද.වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා ඔයා ලගට එන්න මෙහෙම විදව විදව ජිවත් වෙන එක මට එපා වෙලා. මගේ හැම හීනයක්ම පිරිලා තිබ්බේ ඔයාගෙන්  එත් ඔයා අද මාව තනිකරලා කොහේදෝ ඈතකට ගිහින්. ආයේ  කවදාවත් අපි හම්බවෙන්නේ නෑ කියන හැගීම හිතට දැනෙනකොට මම එක දරාගන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්නවත් බැරුව ඇති. මේ රෝස මල් ගෙනාවේ ඔයාට  මම ඔයාගේ හැම උපන්දිනෙකට මේවා ගෙනාපු නිසයි අදත් අරං ආවේ. ඉස්සර මම කිව්වේ ඔයා රෝස මලක් වගේ ලස්සනයි කියලා. නෑ ඔයා ඇත්තටම ලස්සනම ලස්සන රෝස පොහොට්ටුවක්  පිපෙන්නත් කලින්ම පරවෙලා ගිය ....... 
           
                            ඔබට පිදු රතුරෝස මල් 
                            අද සුදු රෝස මල් වෙලා 
                            මගේ පපුවට තුරුල්වී හිද 
                            අද කොහේදෝ දුරකට වෙලා 
                            ගෙවාගිය මග යලිත් ඔබහට 
                            හැරී එන්නට බැරි නිසා 
                            මමම එන්නම් ඔබ සොයාගෙන 
                            මගේ හද ඔබ ලඟ නිසා .....

No comments:

Post a Comment