Pages

Thursday, October 30, 2014

නුබ ගිය නිසා


හිනැහෙන්නට මට සතුටක් නෑ 
සතුට නුබ ලඟ නිසා
හඩන්නට තව කඳුළු නෑ 
හඩා වැටිලම නිම වෙලා 
හදවතේ තව සෙනෙහසක් නෑ 
ඔබ හටම එය පිදු නිසා 
ජිවත් වෙන්න අවසර නෑ 
ජීවිතය ගෙන නුබ ගිය නිසා... 

කඳුල බෑ නුබට


                              ඈ මා තුරුලේ සිටින විට 
                              මගේ උණුහුමේ හුරතල් වන විට 
                              මගේ හදවත ඈ හට දැනෙන කල 
                              කඳුල බෑ නුබට ඇයට ලං වන්නට...

නිවැරදි කල නොහැක




මැවුන කඳුළු මා වෙනුවෙන් 
පිසලන්නට මගේ අතින් 
යලි එක වරක් 
ඉඩ දෙනවද ඔබ වෙනුවෙන් 

රිදවන්නේ නෑ කිසි දාක 
මට අයිති වුන  ඔය හිත 
මා වෙනුවෙන් පිදු ජීවිතිය 
යලි දෙන්න  බෑ ඔබට 

නුබ හිනැහෙන විට 
එය තරම් සතුටක් නෑ මට 
අද දිනය අමතක කර 
හිනැහෙන්න පුරුදු ලෙසටම 

මෙවැනි වරදක් මා අතින් 
සිදුවේවි යැයි මා නොසිතුවත් 
සමාවක්  මට නැති  උනත් 
උනා ඒ වරද මගේ අතින් ...

Wednesday, October 29, 2014

තනිකම


ඇය  ලඟ ඇති විටදී 
ඔබ මා ලඟ නැති උනත් 
ඇය ලඟ නැති විටදී 
ඔබ මා තුරුලට ඇවිත් 
මවනා විටදී 
අතීතය මගේ සිතුවිලි වලින් 
මං ආදරෙයි 
තනිකම ඔබට ඇයට මෙන්...