Pages

Sunday, January 25, 2015

ආලෝකය

                                 

පිය නැගුවෙමි මම 
අඳුරු රැය මැදින්
කටු පිරුන රූස ගස් පහු කරන්
සොය සොයා එ කලාමැදිරි එලිය.... 

නොපෙනි ගියේ එය 
මීට සුලු මොහොතකට පෙර....

හැරී බැලුවෙමි ආව මග මම 
ආපසු යන්න පාරක් මතක නැත මට....

දැනුන එකම දේ නම් 
විස කටු වලට කැපුනු වෙදනාවය.... 

මා මෙහි රැගෙන ආ 
කො නුබෙ ආලොකය....
දෙන්න මට එය මෙයින් ගැලවී
පලා යන්නට ....

Thursday, January 22, 2015

වතුර වෙන්න


ස්නෙට වාෂ්ප 
වෙන්න......
පාටක් නැතිව 
විනිවිද වෙන්න.....
ගැඹුරු තරමටම 
නිසල වෙන්න....
තිබ්බනම් මට 
වතුර වෙන්න...... 

Sunday, January 4, 2015

සතුටු වෙනවද

                                                             
 
         අහස සේ  නුබ හිනෙහිලා 
     සයුර සේ  මා  හඩවලා 
     මායවියේ නුබේ නෙත් 
ඔය සතුටු වෙනවද 
     මගේ නෙත් හඩවලා....