Pages

Friday, December 5, 2014

අහස තරමටම




හද ගැහෙනා හැම මොහොතකම 
පෙම්කලා නුබෙ සුසුමකට පවා මං....... 
නෙතු පිය හෙලන හැම වරෙකම 
ඔබ සිහිකළා මං........ 
ඔය රුව දකින හැම වරකම 
ඔබ මගහැර  ගියත් මං...... 
පෙම් කලා අහස තරමටම 
ඔය ඇස් වලට මං...... 

Wednesday, December 3, 2014

විසකටු


 මලක මල්  පෙත්තක 
පැහැය දැක නෙක 
 ඇවිත් රොන්ගෙන එය 
රුදුරු විසකටු වලින් 
    කපා ඈතට විසිකර......

කැපී විස කටු තුඩින් 
ගලායන රුදිරයෙන් 
තෙමි ඒ දුක් සුසුම් 
හෙට නැගෙන හිරු මතින් 
ලියවෙවී එහි ඉරණමත්  
    එය කුමක් වේවිද ඉතින්.....

Monday, December 1, 2014

දවා මගේ ලොව



අදුරු රැයක සීතල මුසුව අඳුරට 
හමන මද නල තුරුල් වී පපුවට මගේ.....
වියැකි හද තුල සෙමින් මිය යන 
ආදරේ හට ජීවයයි මේ සොයන්නේ.....
නොලැබ ජිවය මගේ හද මල 
අඳුරු සයුරෙම දැවී නිමවී ගියාවේ.....
දවා ගියමුත් මගේ ලෝකය 
සතුට විතරක් පතන්නම් මම ඔයාගේ.....

Sunday, November 30, 2014

මුලා වූ සුළඟ

                                    
වසත්  සමයේ සුවද මද නල 
දමා ගොස් ඇත වසන්තේ ....
මං මුලා වූ සුළගේ පැටලී 
   ඇදී නුබ දුර අනන්තේ......
එහෙත් කම් නැත යලිදු එනු මැන 
  වැළපෙනා හදවතට ලං වී මගේ.....
ආදරෙන් යලි වැලද ගන්නම් 
     සුසුමකට ලං වෙලා මං ඔයාගේ .....

Thursday, November 27, 2014

පොහොට්ටුව

වෙනදා වගේම අදත් මම ආවේ ඔයාව බලලා යන්න. .  හැමදාම මට කරන්න පුළුවන් දේත් එක විතරයි. වෙනසක් නෑ අදත් ඔයා වෙනදා වගේමයි. මේ අදුර දිගේ වැටෙන පොද වැස්ස මට ගානක් නෑ මේ එන හුළගේ සිතලට ඔයා මගේ ලග හිටියනම් මට තුරුල් වේවි ඇත්තටම ඔයා මට තුරුල් වෙලාද මට එක දැනෙන්නේ නැද්ද.  ඔයා දන්නවද ඔයා දිහා බලන් ඉද්දි මගේ ඇස් දෙකට කදුළු එන්නේ ඉබේටම එත් ඇයි කියන්න මම දන්නේ නෑ. මගේ කදුළු ඔයාට පේනවා නේද. මම අද බය නැතුව අඩනවා මම  අඩනවා දකින්න ඕනේ ඔයා විතරයි. මගේ කදුළු වැහි බින්දු එක්ක පොලවට වැටිලයයි. එත්  ඒ හැම කදුලකම පිරිලා තියෙන්නේ ඔයාට තියෙන ආදරේ. ඒ ආදරෙත් කදුළු වගේ පොලවට වැටිලා නැති වෙලා යනවනම් කොච්චර හොදද. ඇත්තටම එහෙම වෙනවා මගේ ආදරේ කදුළු දිගේ ඇවිත් බිමට වැටිලා නැතිවෙලා යනවා. එත් මගේ ආදරේ ඉවර වෙන්නේ නෑ ඒ මම ඔයාට කෙළවරක් නැතිව ආදරේ කරපු නිසා. මම දන්නවා ඔයා දැනගෙන හිටියා ඔයාගේ සුදු අයියා ඔයාට මොන තරම් ආදරේද කියලා. එත් ඇයි  අපිට මෙහෙම උනේ සමහර විට ඔයාව මට අයිති නැතිව ඇති. තවත් මම මොනා කියන්නද ඔයාට කියන්න දේවල් ගොඩක් හිතේ පිරිලා තියෙනවා එත් මට ඒවා කියාගන්න බෑ. ඔයා මම කියන දේවල් අහගෙන නේද ඉන්නේ මම තාමත් ආසයි ඔයා මට ආදරෙයි කියනවා අහන්න ඔයා එක්ක රණ්ඩු වෙන්න ඔයාව හුරතල් කරන්න ඔයා ගේ  අහිංසක හිනාව දකින්න  ආයේ පාරක් ඔයා එක්ක ජිවිතේ බෙදාගන්න පුලුවන්නං මම  ඕන දෙයක් කැපකරන්න කැමති. එත් තව අවස්තාවක් නෑ. ආයේ මට ඔයාව දකින්නවත් ලැබෙන්නේ නෑ කියලා මම දන්නවා. මම දැන් ජිවත් වෙන්නේ හැගීම් දැනීම් නැති මිනිහෙක් විදියට ඒ අතින් බැලුවම අපි දෙන්නා අතර මහවෙනසක් නෑ නේද.වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා ඔයා ලගට එන්න මෙහෙම විදව විදව ජිවත් වෙන එක මට එපා වෙලා. මගේ හැම හීනයක්ම පිරිලා තිබ්බේ ඔයාගෙන්  එත් ඔයා අද මාව තනිකරලා කොහේදෝ ඈතකට ගිහින්. ආයේ  කවදාවත් අපි හම්බවෙන්නේ නෑ කියන හැගීම හිතට දැනෙනකොට මම එක දරාගන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්නවත් බැරුව ඇති. මේ රෝස මල් ගෙනාවේ ඔයාට  මම ඔයාගේ හැම උපන්දිනෙකට මේවා ගෙනාපු නිසයි අදත් අරං ආවේ. ඉස්සර මම කිව්වේ ඔයා රෝස මලක් වගේ ලස්සනයි කියලා. නෑ ඔයා ඇත්තටම ලස්සනම ලස්සන රෝස පොහොට්ටුවක්  පිපෙන්නත් කලින්ම පරවෙලා ගිය ....... 
           
                            ඔබට පිදු රතුරෝස මල් 
                            අද සුදු රෝස මල් වෙලා 
                            මගේ පපුවට තුරුල්වී හිද 
                            අද කොහේදෝ දුරකට වෙලා 
                            ගෙවාගිය මග යලිත් ඔබහට 
                            හැරී එන්නට බැරි නිසා 
                            මමම එන්නම් ඔබ සොයාගෙන 
                            මගේ හද ඔබ ලඟ නිසා .....

Thursday, November 6, 2014

අහස හඩන තුරු

මහ පොලව  බලා සිටි 
හඩා වැටෙන තුරු අහස් තලය 
නැහැ එහෙත් තවම 
සුළග සමගින් 
වලාකුළු සුරතල් වෙමින  
නමුදු සදාකාලයට නොවේ එය 
දිනක් උදා වනු ඇත 
සුළගට තුරුළු වූ වලාකුළු 
අනෝරා වැසි ලෙස පොලවට ඇද හැලෙන 
එනමුත්  එවිට  සුළග ගෙන ගොස් ඇත 
වලාකුළු  බොහෝ ඈතට...

Saturday, November 1, 2014

වෙරළ දිගේ යලි වරක්


යන්නට ආසයි ඇවිදන් 
ඒ මුහුදු වෙරළ දිගේ යලි වරක් 
ඔබ හා දෑත් එක් කරන් 
ආස මුත් මම ගෙන නොයමි එලෙසින් 
දෙන්න බෑ මුහුදු සුළගට 
සිපගන්න ඔබ එක්වරක් වත් ...

Thursday, October 30, 2014

නුබ ගිය නිසා


හිනැහෙන්නට මට සතුටක් නෑ 
සතුට නුබ ලඟ නිසා
හඩන්නට තව කඳුළු නෑ 
හඩා වැටිලම නිම වෙලා 
හදවතේ තව සෙනෙහසක් නෑ 
ඔබ හටම එය පිදු නිසා 
ජිවත් වෙන්න අවසර නෑ 
ජීවිතය ගෙන නුබ ගිය නිසා... 

කඳුල බෑ නුබට


                              ඈ මා තුරුලේ සිටින විට 
                              මගේ උණුහුමේ හුරතල් වන විට 
                              මගේ හදවත ඈ හට දැනෙන කල 
                              කඳුල බෑ නුබට ඇයට ලං වන්නට...

නිවැරදි කල නොහැක




මැවුන කඳුළු මා වෙනුවෙන් 
පිසලන්නට මගේ අතින් 
යලි එක වරක් 
ඉඩ දෙනවද ඔබ වෙනුවෙන් 

රිදවන්නේ නෑ කිසි දාක 
මට අයිති වුන  ඔය හිත 
මා වෙනුවෙන් පිදු ජීවිතිය 
යලි දෙන්න  බෑ ඔබට 

නුබ හිනැහෙන විට 
එය තරම් සතුටක් නෑ මට 
අද දිනය අමතක කර 
හිනැහෙන්න පුරුදු ලෙසටම 

මෙවැනි වරදක් මා අතින් 
සිදුවේවි යැයි මා නොසිතුවත් 
සමාවක්  මට නැති  උනත් 
උනා ඒ වරද මගේ අතින් ...

Wednesday, October 29, 2014

තනිකම


ඇය  ලඟ ඇති විටදී 
ඔබ මා ලඟ නැති උනත් 
ඇය ලඟ නැති විටදී 
ඔබ මා තුරුලට ඇවිත් 
මවනා විටදී 
අතීතය මගේ සිතුවිලි වලින් 
මං ආදරෙයි 
තනිකම ඔබට ඇයට මෙන්...